• Udu Sulanga - උඩු සුළඟ

”සෑම මිනිසෙකුගේම ජීවිතයේ අඳුරු අහුමුළු ඇත්තේය. හදිසියේ හෝ කිසිවෙකුගේ විමසුම් එළියක් එවැනි අඳුරු මුල්ලකට වැටී ලෝකයාට නිරාවරණය වනවාට කිසිවෙකු කැමැති නැත. සමාජයේ නින්දාවට, අපහාසයට ඇතැම් විටෙක තාඩන පීඩනයන්ටද ලක්විය හැකි බැවිනි.
කසුන් බණ්ඩාර ලෙස පරිණාමය වන කපුරු බණ්ඩාද ජීවිතයේ බොහෝ රහස් සඟවා ගත් චරිතයකි. එහෙත් කතුවරිය ඔහුගේ ජීවිතය අප හමුවේ විවර කරන්නේ ඔහු ගැන කිසිදු නින්දා සහගත හැඟීමක් ඇතිවීමට ඉඩ නොතබමිනි.
කපුරු බණ්ඩා පහත් ගති ඇති මිනිසෙකු යැයි නොසිතා ඔහු ගැන සහානුභූතික හැඟීමක් අප සිත් තුළ ජනිත වන්නේ ජීවිතය විසින් ඔහුට එල්ල කරන අභියෝග හා දුෂ්කරතාද මැනවින් නිරූපණය වන හෙයිනි.
එ් ඔස්සේ කපුරු බණ්ඩා පිළිබඳ අප සිත් තුළ ජනිත කරවන සහානුභූතික හැඟීම සමාජයේ සියලූ දෙනා ලෙස එවැනි ඇසකින් බලන්නට අප පොළඹවයි. සමාජයේ සියලූ දෙනාට ඔවුන්ගේ ජීවිත එවැනි සිතුවිල්ලකින් කියැවීමට අපට හැකි නම්, අපට වැඩි වැඩියෙන් එකිනෙකා තේරුම් ගැනීමට හැකි වනු ඇත.
‘උඩු සුළඟ’ එ් සඳහා වන හොඳ අභ්‍යාසයකි.”
- කුල ශී‍්‍ර කාරියවසම්-

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha